සංගක්කාර ගෑවුණු සීගිරිය ඉඩම් ගණුදෙනුවේ ඇත්ත කතාව හෙළිවෙයි

සීගිරිය ප්‍රදේශයේ රජයේ ඉඩම් ඉඩම් නිීති විරෝධි අයුරින් ලබා ගෙන ඇති බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර හා ඔහුගේ බිරිඳ වන යෙහාලි සංගක්කාර විසින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තාවනවා.
එම ලිපියේ දැක්වෙන්නේ , බැඳීම්වලින් තොර බවට ඇති පිරිසිදු විශ්වාසය මත අදාළ ඉඩම් මිලදී ගත් බවයි.
පසුව එම ඉඩම් ඔප්පු පරීක්ෂාවේදී මෙම ගැටළුව අනාවරණ වූ බවත් ඒ සම්බන්ධයෙන් අදාල අංශ කල්තබා දැනුවක් කර තිබූ බවත් එම ලිපියේ දැක්වෙනවා.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවයි ඔවුන් අදාළ අංශ වෙත දන්වා ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා දක්වා යොමුකර ඇති පිළිතුරු ලිපිය පහතින්.
පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *