2018 ශ්රීපාද වන්දනා සමය දෙසැම්බර් 3 වනදා ආරම්භ කරන බව ශ්රීපාදස්ථානාධිපති පූජය ඛෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.
ඒ අනුව සිරිපා සමය ආරම්භ කිරිම සදහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙව පිළිරුව සහා දේව ආභරණ වැඩම කිරිම දෙසැම්බර් දෙවනදා අලුයම යෙදෙන සුභ මොහොතින් මාර්ග 3ක් ඔස්සේ සිදුකිරීමට නියමිතයි.
පැරණි රජමාවත වන ශ්රි පලාබද්දල මාර්ගයද / හැටන් මාර්ගයද / බලංගොඩ මාර්ගයෙන්ද මෙම දේව ආභරණ වැඩම කිරිම සිදුකරන බවයි ශ්රීපාදස්ථානාධිපති හිමියන් සදහන් කළේ.
දේව ආභරණ දෙසැම්බර් 3 වනදා උධුවප් පොහොය ලැබීමට පෙර සිරිපා ඉහල මළුවේ ඇති සමන් දේව මාලිගයේ තැන්පත් කිරිමෙන් අනතුරුව සිරිපා වන්දනාව ඇරඹීමට නියමිතයි.
වන්දනාවේ පැමිණෙන විට පොලිතින් / ගුවන්විදුලි යන්ත්ර / මත්පැන් රැගෙන නොයන ලෙස බැතිමතුන්ගෙන් සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කරනවා.
ශ්රී පාද වන්දනා සමය දෙසැම්බර් 2 වනදා සිට

53062
45171
7627
264