ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාපධිතිවරයා විසින් පත් කරනු ලැබු කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ජේ සී අලවතුවල මහතා හෙට සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතව තිඛෙනවා. පෙරවරු 10ට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩ භාර ගැනීමට නියමිතව ඇත්තේ. මේ එක්සත් ජාතික පක්ෂයේ මාවතගම ආසන සංවිධායකවරයා ලෙස මෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායකවරයා ලෙස කටයුතු කරන නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පිළිබද තොරතුරු එකතුවක්.
වයඹ පළාතේ එක්සත් ජාතික පක්ෂ දේශපාලනය හා අලවතුවල පරම්පරාව අතර ඇති සම්බන්ධය දශක හතරක් ඉක්මවා ඈත අතීතයට දිව යනවා. 1977 වසරේ පාර්ලිමේන්තුවට පිවිස එවක එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමැති තනතුරක් ද දැරූ පක්ෂයේ දැවැන්තයකු වූ එස්. ඩබ්. අලවතුවල මහතා ජේ. සී. අලවතුවල මහතාගේ පියාණන් වනවා.එස්. ඩබ්. අලවතුවල මහතාගේ අභාවයෙන් පසු එවක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඇරයුමෙන් දේශපාලනයට පිවිසි ජේ සී අලවතුවල මහතා 1991 වසරේ දොඩම්ගස්ලන්ද රිදීගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට පත්වූයේ ඉහල මනාප ජන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමිනුයි.දොඩම්ගස්ලන්ද -එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ලෙස තේරී පත්වු ඔහු 1993 වසරේ වයඹ පළාත් සභාවට තේරී පත්වූ අතර 1994 මහ මැතිවරණයේදී ප්‍රබලයන් රැසක් පරාජය ලබද්දී මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමටද සමත් වුණා.
අනතුරුව 2000 වසර දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය කළ ජේ සී අලවතුවල මහතා ඉන් පසු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කමින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. 2005 වසර තෙක් දොඩම්ගස්ලන්ද එක්සත් ජාතික පක්ෂ ආසන සවිධායකවරයා ලෙස කටයුතු කළ ඔහු එම වසරේදී හිරියාල ආසන සංවිධායක ධූරය පිළිගනු ලැබුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමක් අනුවයි.
2012 වසරේදී වයඹ පළාත් සභාවේ විපක්ෂනායකවරයා ලෙස එවක රාජපක්ෂ රජයට එරෙහි පලමු වෙඩි මුරය දල්වමින් එවක පාලන වයඹ පළාත් සභාවට නම් කළ සභාපතිවරයා වෙනුවට විපක්ෂය නම් කළ සභාපතිවරයා ජයග්‍රහණය කරවීමටද අලවතුවල මහතා සමත්වුණා.
එක්සත් ජාතික පක්ෂයට අති දුෂ්කර කාල සමයක් වූ 2014 තෙක් කාලයේදී වසර 9ක්ම හිරියාල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ අලවතුවල මහතා 2015 ජනාධිපතිවරණ සමයේදී මාවතගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කිරීම ආරම්භ කරන ලද්දේද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමක් මතයි.
ඒ අනුව 2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු අපේක්ෂකයාගේ බලවේගය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයගත් එකම ආසනය වූ මාවතගම ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේද ජේ සී අලවතුවල මහතායි. 2015 මහ මැතිවරණයේදීත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පෙරමුණ ජයගත් ආසන 2ක අතරට යළිත් මාවතගම ආසනය පත් කිරීමටද අලවතුවල මහතා සමත්ව තිබුණා.

මේ වන විට මාවතගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයාද වන ජේ සී අලවතුවල මහතා වසර 22කට පසු මාවතගම සමූපාකාර ජන්දයෙන්ද එක්සත් ජාතික පක්ෂයට ජය හිමිකර දීමට සමත්වීම විශේෂත්වයක්. ඒ සභිකයින් 8 දෙනාගෙන් 6 දෙනකුම එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින ලෙස ජයග්‍රහණය කරවමින්.
පසුගිය තෙවසර තුල රුපියල් ලක්ෂ 80,000 ක සංවර්ධන ව්‍යාපෘති මාවගතම අආසනයට උරුම කර දී ඇති ජේ සී අලවතුවල මහතාට මාවතගම ජනතාව වෙනුවෙන් මෙන්ම රටේම ජනතාව වෙනුවෙන් ඉදිරියේදී සිය මෙහෙවර පෙරට ගෙන යන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :