කොරෝනා එන්නත් නියමිත පරිදි ලංකාවට දෙනවා / ඉන්දියාව සහතික කරයි

ඇනවුම් කරන ලද කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් කිසිදු ප්‍රමාදයකින් තොරව ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දියාවේ සීරම් ආයතනය දැනුම් දී තිබෙනවා.

ඖෂධ නීතිගත සංස්ථාව මේ සම්බන්ධයෙන් තහවුරු කළා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත කොවිෂීල්ඩ් යන වෙළෙඳ නාමය යටතේ නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ සීරම් ආයතනයයි.

එම එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් පසුගිය මාසයේදී මෙරටට ආනයනය කරනු ලැබුවා.

එක් එන්නත් මාත්‍රාවක් සඳහා අමෙරිකානු ඩොලර් 5 යි ශත 25 බැගින් මාත්‍රා මිලියන 1.5 ක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සීරම් ආයතනයට මුදල් ගෙවා ඇති අතර, මාත්‍රා මිලියනයක් ලැබීමට නියමිතව තිබුණේ අප්‍රේල් මාසයේදී හෝ මාර්තු මාසයේදී යි.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී වාර්තා වයේ හදිසි ගැටලුවක් හේතුවෙන් මෙම එන්නත් නියමිත දිනයට ලබාදිය නොහැකි වනු ඇතැයි සීරම් ආයතනය දන්වා තිබූ බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *