මන්ත්‍රී අශෝක් අබේසිංහ හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ , අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළවයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අද දිනයේ දී කැඳවා තිබූණද ඔහු ඒ සදහා සහභාගී නොවූ බවයි නිවේදනය කෙරුණේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *