දියතලාව බස් බෝම්බයේ සැකකරු අල්ලයි / ඇත්ත කතාවත් හෙලිවෙයි

බස්රථයක ඉකුත් 21 දා ‍ජිව අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් , එම සිද්ධියෙන් තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින යුධහමුදා ශ්‍රීලංකා විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලලත් නිලධාරි  ඒ.එම්.ජේ.එල්.කේ . චන්ද්‍රෙස්න සැකපිට අත්අඩංගුවටගත් බව ‍ දියතලාව පොලිසිය පවසනවා.
පීඩාකාරි ආයුධ පනතට ගැනෙන ජිව අත්බෝම්බයක් අනාරක්ෂිත ලෙස මගීන් ගමන් කරන බස්රථයකින් රැගෙන විත් එය පිපිරවිමට සැලැස්වීමෙන් පුද්ගලයන් 19 දෙනෙකුට තුවාල සිදුකිරීම හා බස්රථයටරුපියල් ලක්ෂ 50 ක අනර්ථයක් සිදුකිරීමේ චෝදනාව යටතේ ඔහුට නඩු පවරන බවද පොලිසිය සදහන් කළා.
යාපනය සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වු ප්‍රථම බසයේ සී සී ටී වි කැමරා දර්ශන හා බණ්ඩාරවෙල සිට මෙම මගින් මාරු කරනු ලදුව බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ධාවනයවු බෝම්බය පිපුරුණු බසයේ ගමන්කර තුවාල ලබා දියතලාව රෝහලේම ප්‍රතිකාරලබන දියතලාව ගුවන් හමුදා කදවුරේ නායක භටයෙකුගේ සාක්කි අනුව සැකකරුගෙන් වැඩි දුර ප්‍රශ්න කිරිමේදි ඔහු වරද පිළිගත් බවද පොලිසිය සදහන් කළා.

මුලතිව් යුධහමුදා 2015 වස‍රේ රාජකාරි කරද්දි ත්‍රස්තවාදීන්ට අයත් මෙම බෝම්බය හමුවු බවත් 2017 මුලතිව් කදවුරේ සිට ස්ථාන මාරුවක් ලබා‍ එන විට එය රැගෙන විත් මාතලේ උඩිස්පත්තුව පිහිටි තම නිවස සහිත පර්චස් 13 ක වත්තේ ගසක් යට එය වළදා තිබු බවත් සැකකරු පවසා තිබෙනවා.
තමා රුපියල් ලක්ෂ 16 ක් පමණ මුදලක් ණය වි තිබිමනිසා සියදිවි නසාගැනීම තිරණය කල බවද සැකකරු හෙළිකළ කරුණු අතර ඇතුලත්.ගෙවත්තේ වලදමා තිබු මෙම ජීව අත්බෝම්ය එම අරමුනින් ගෙදර සිට රැගෙන ආ බවත් සදහන් කළ බව ඔහු හෙලිකර තිබෙනවා.
සිය දිවි නසාගත් විට විශ්‍රාම වැටුප් හා අනෙකුත් දීමානා යැපෙන්නන්නට නොලැබෙන නිසා රාජකාරි වේලාවේ අත්වැරදිමකින් පුපුරා ගිය බවට ඒත්තුගැන්විම සදහා රාජකාරි වේලාවක අත්බෝම්බය පුපුරුවා ගැනීමට සිතා සිටි බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් බසයෙන් බැසීමට සූදානම්ව අත්බෝම්බය අතට ගන්නා විට ගමන්මල්ලේ තිබු අත් බෝම්බය බිම වැටන්නට ගිය බවත් එය අල්ලා ගැනීම පහත්වු විටම දෙපාමුල වැටුන බෝම්බය  පුපුරා ගිය බවත් සැකකරු හෙළිකර තිබෙනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :