කොරෝනා එන්නත් සඳහා ලෝකයට සිරින්ජර සැපයීම අභියෝගයක්

කොරෝනා එන්නත්කරණය සඳහා පමණක් ලෝකයට සිරින්ජර බිලියන 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බව ජාත්‍යන්තර විශේෂඥයන් පවසනවා.
මේ වන විට එන්නත්කරණය වඩාත් වේගවත් මට්ටමින් සිදුවන බැවින් වේගවත් සිරින්ජර සැපයුමක් අවශ්‍යවී පවතින බවයි ඉකොනොමික් ටයිම්ස් වාර්තාව පවසන්නේ.
වාර්ෂිතව ලෝකයේ භාවිත වන සාමාන්‍ය එන්නත් ප්‍රමාණය බිලියන 16ක් පමණ වනවා.
ඊට අමතරව නව එන්නත් බිලියන 10ක් සැපයීම අභියෝගයක් බවට පත්ව ඇති බවයි මෙම වාර්තාව පවසන්නේ.
ඒ අනුව එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය මේ සඳහා මුදල් වෙන්කර තිබුණද සිරින්ජර නිෂ්පාදනය වේගවත් කිරීමට සමත්ව නැහැ.
කෙසේ වෙතත් එම අභියෝගය තමන් භාරගන්නා බවයි , ඉන්දියාවේ හින්දුස්ථාන් සිරින්ජර් ආයතනය දන්වා ඇත්තේ.
ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 15ක ආයෝජනයක් සහිතව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා.

එහෙත් එය පහසු කරුණක් නොවන බවටයි උපකල්පනය කර ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *