ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ජේ සී අලවතුවල ධුරයේ රාජකාරි අරඹයි

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු ජේ සී අලවතුවල මහතා අද සිය අමාත්‍ය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.
ඒ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි.
පෙරවරු 10 යි 24 ට යෙදුණු සුභ මොහොතින් ඒ මහතා සිය රාජකාරි ආරම්භ කළ අතර එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන / අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා  /අකිල විරාජ් / රංජිත් අලුවිහාරේ /අශොක් අබේසිංහ / ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් එක්ව සිටියා.අංජානි අලවතුවල මහත්මිය ඇතුලු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වුණා.
ආගමික වතාවත්වලින් පසු සිය ධුරයේ කටයුතු ආරම්භ කරමින් ජේ සී අලවතුවල මහතා කියා සිටියේ කුරුණෑගරල දිස්ත්‍රික්කයේ මෙන්ම සමස්ථ ලංකාවාසී ජනතාව වෙනුවෙන් සිය උපරිම කැපවීමෙන් සේවය සලසන බවයි.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :