ශීත සෘතු ඔලිම්පික් උළෙළ වලක්වන්න ඔලිම්පික් කමිටුවට ලිපියක්

චීනයේ පැවැත්වීමට නියමිත 2022 ශිත සෘතු ඔලිම්පික් උළෙල අත්හිටුවන්නැයි චීනයේ උයිගර් ජන ප්‍රජාව නියෝජනය කරන ලෝක උයිගර් කොංග්‍රසය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඒ චීනයේ උයිගර් මුස්ලිම් ජන කොටස් දැඩිව පීඩාවට පත්කරන බවට චෝදනා කරමිනුයි.
වයඹ දිග සින්ජියැන් හි උයිගර් ජනකොටස්වල මානව හිමිකම් කඩකරන බවට චීනයට එරෙහිව දැඩිව චෝදනා එල්ලවී තිබෙනවා.
කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි චීනය පවසන්නේ.
මේ වන විටත් එම චෝදනාව මත 2022 ශීත සාතු ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය චීනයට අහිමිකිරීමටයි රටවල් ගණනාවක් යෝජනා කර ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *