ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ට තවත් විශිෂ්ඨ ජයක්

රෝඩ් සේෆ්ටි ප්‍රවීණයන්ගේ ක්‍රීකට් තරගාවලියේ තවත් ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම අද සමත්වුණා.

ඒ දකුණු අප්‍රිකාණු ප්‍රවීණයන්ගේ කණ්ඩායම එරෙහි තරගය කඩුලු 9කින් ජය ගනිමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාණු ප්‍රවීණයන්ගේ කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසාදනයේ සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 89ක් පමණයි.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර, රංගන හේරත් සහ සනත් ජයසූරිය කඩුලු 2ක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 2ක් අවසානයේ කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 92ක් ලබා ජයග්‍රහණය වාර්තා කළා.

නායක තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු  50ක් ද උපුල් තරංග නොදැවී ලකුණු 27ක් ද රැස් කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *