වේල්ලවීදියෙන් හමුවූ මළ සිරුර ගැන ඩී එන් ඒ වාර්තාව නිකුත් වෙයි

වේල්ල වීදියෙන් හමුවූ හිස නැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව පදිංචි තිස් හැවිරිදි තරුණියගේ බව DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර ගමන් මල්ලක බහා පිටකොටුව, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී මහ මඟ දමාගොස් තිබියදී සොයා ගැනුණේ පසුගිය 1 වෙනිදා යි.

මළ සිරුරේ හිස කොටස සොයා කැලණි ගඟ දෙපස , කැලණි මෝයකට පිහිටි මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා ප්‍රදේශය මෙන්ම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ඇතුළු අවට ප්‍රදේශ සෝදියට ලක් කළ ද මේ දක්වා එම හිස කොටස සොයා ගැනීමට හැකියාව ලැබී නැහැ.

ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුර ගමන්බෑගයක දමා වේල්ල වීදියට රැගෙන ආ බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ සැකකාර උප පොලිස් පරික්ෂකවරයා පසුව සිය දිවි හානි කර ගත් අතර අදාළ හිස කොටස ඔහු විසින් පුළුස්සා දමා ඇති බවටයි සැක මතුව ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *