කොරෝනා එන්නත් මිලියනය ලැබීම තරමක් ප්‍රමාද විය හැකියි /අමාත්‍ය රමේෂ් පතිරණ

Sri Lanka

ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇණවුම් කළ ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මිලියනය මෙරටට ලැබීමේ දී සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැහැදිලි කළා.

“ශ්‍රී ලංකාවට දැනට ලැබී තිබෙන එන්නත් ප්‍රමාණය ගැන අප සතුටට පත්විය යුතුයි. දැනටමත් එන්නත එක මාත්‍රාවක් හෝ ලැබුණේ නැති රටවල් 110කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ තියෙනවා. අපිට එන්නත් මිලියන 1.26ක ප්‍රමාණයක් දැනට ලැබිලා තියෙනවා. ඉදිරියේ දී මිලදී ගැනීමට බලාපොරොත්තු වන එන්නත් මිලියනයක ප්‍රමාණයක් ලැබීමට යෝජිතව තිබෙනවා. ඔබ දන්නා විදියට සීරම් නැමති නිෂ්පාදන ආයතනයේ ඇති වු ගින්න නිසා සුළු ප්‍රමාදයක් සිදුවීමට අවකාශයක් තියෙනවා. නමුත් ඔවුන් අප විසින් කරන ලද ඇණවුමට ගරු කරන බවත් ඉදිරියේ දී හැකිතාක් ඉක්මනට එම එන්නත ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කරලා තියෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *