ප්‍රවීණ සාහිත්‍යධරයෙකු මෙන්ම ගත් කතුවරයෙකු වූ ඇරැව්වල නන්දිමිත්‍ර මහතා අද අභාවප්‍රාප්ත විය.

මිය යනවිට ඒ මහතා 79 වන වියේ පසු විය.

ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

ඇරැව්වල නන්දිමිත්‍ර මහතා රචනා කළ මල්දෙනියේ සිමියොන්, ගිණි වැනි නව කතා මෙන්ම සුදුකොඩි සහ නංගි වැනි කෙටි කතා ද පාඨකයින් අතර ඉතා ජනප්‍රිය විය.

හොඳම නව කතාව, හොඳම කෙටි කතාව සඳහා රාජ්‍ය සම්මාන මෙන්ම හොඳම ළමා සාහිත්‍ය, හොඳම යෞවන සාහිත්‍යය සඳහා ද අරැව්වල නන්දිමිත්‍ර මහතා රාජ්‍ය සම්මාන ලබා ගත්තේය.

ඔහුගේ දේහය අද පස්වරුවේ මහරගම, ඇරැව්වල පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිත ය.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :