මියන්මාර විරෝධතාකරුවන්ගෙන් සුපිරි පලායාමක්

Sri Lanka

මියන්මාර ආරක්ෂක විසින් පැය කිහිපයක් පුරා කොටුකර ගෙන සිටි හමුදා කුමන්ත්‍රණ විරෝධී විරෝධතාකරුවන් සිය ගණනක් එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මියන්මාර හමුදාව විසින් ,විරෝධතාකරුවන් රැදී සිටි ස්ථානයක් වටලා තිබූ අතර එම ප්‍රදේශය සම්පූර්ණයෙන් වටකර ගනිමින් අද අළුයම තෙක් රැදී සිටි බවයි බී බී සී වාර්තා කළේ.
කෙසේ වෙතත් ඉන් 200 කට ආසන්න පිරිසක් රහසිගතව පලා යාමට සමත්ව තිබුණා.
මෙහිදී මියන්මාර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත්තේ 40 දෙනකු පමණයි.
හමුදා කුමන්ත්‍රණයකින් පෙබරවාරි 1 වන දින හමුදාව බලය අල්ලා ගත් දා සිට මියන්මාරයේ දැවැන්ත මහජන විරෝධයක් ක්‍රියාත්මකයි.
එය මර්ධනය සඳහා මේ වන විට හමුදා බලය භාවිත කරමින් පවතිනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *