තඹුත්තේගම ජල විරෝධතාවයේදී කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 49 දෙනෙක් තඹුත්තේගම මහේස්ත්‍රාත් කේ.ඒ.රමිලා නදීෂාණි මහත්මිය වෙත යොමු කිරිමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

තඹුත්තේගම දී රාජාංගණය ගොවීයන් පිරිසක් ජල ගැටලුවක් මුල් කරගනිමින් කළ විරෝධතාවයේ දී අධිකරණ නියෝග නොසළකා උද්ඝෝෂණය කර පොලිසියට පහරදීමේ චෝදනා මතයි සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ.

පොලීසිය වෙනුවෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිස් පරික්ෂක කේ.එම්.පී.එස් පි‍්‍රයන්ත මහතා පෙනී සිට නීතිවිරෝධී උද්ඝෝෂණය පිළිබඳ ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් ඇප ලබාදී තිබෙනවා.

එක් අයකුට ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කරන ලෙසත් සෑම මසකම අවසන්  ඉරිදා තඹුත්තේගම පොලීසියේ පෙනී සිටින ලෙසත් නැවත කලහාකාරී ලෙස හැසිරුණහොත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවටත් සැකකරුවන්ට අධිකරණය මෙහිදී නියෝග කළා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :