පුද්ගලික ආරවුලක් මත හටගත් ගැටුමකින් පුද්ගලයකු මිය යාමේ සිද්ධියකට ජාතිවාදී මුහුණුවරක් දීමේ උත්සාහයක් හේතුවෙන් මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙන බව පොලිසිය පවසනවා.

රිය අනතුරක් සම්බන්ධයෙන් පසුගිය සතියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ පුද්ගලයෙකු මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී පසුගිය 3න් වනදා මරණයට පත්ව තිබුණා. එම සිද්ධිය මුල් කරගෙනයි ගැටුම්කාරී තත්ත්වය හටගෙන ඇත්තේ.

අදාළ පුද්ගලයා ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකරන තරුණයක් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියට ජාතිවාදී මුහුණුවරක් ලබාදීමට ඇතැම් පිරිස් ගත් උත්සාහයෙන් හේතුවෙන්  සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බවයි අනාවරණ වන්නේ.

එම නොසන්සුතාවය හේතුවෙන් වෙළඳසල් කිහිපයකට පහරදීමේ සිදුවීම් වාර්තා වී තිබෙන අතර,එක් වෙළදසලක් ගිනි තබා විනාශ කර තිබෙනවා.

එම පහරදීම්වලට සම්බන්ධ යයි සැකකරෙන පුද්ගලයන් 24 දෙනෙකු පොලීසිය ඉරිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

පහරදීමෙන් මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද සිදුකෙරෙන අතර තෙල්දෙණිය නගරයේ කඩසාප්පු සියල්ලම පාහේ වසා දමා තිබෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :