පොහොට්ටුව ගත් ජන්ද ප්‍රතිශතය සියයට 40යි ලු ?

පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ලබා ගත් ඡන්ද ප්‍රතිඵල වශයෙන් මාධ්‍ය ආයතන විසින් ප්‍රකාශයට පත් කළ ජාතික ප්‍රතිශත වැරදි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව ඔහු ප්‍රකාශ කරනුයේ එම මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ජාතික ඡන්ද ‍ප්‍රතිශතය 40.66% ක් බවය.

බොහෝ මාධ්‍ය ආයතන ජාතික ප‍්‍රතිශත ගණනයේදී සළකා බලා ඇත්තේ මූලික පක්ෂ කීපයක් (ශ‍්‍රි.පො.ජ.පෙ, එ.ජා.පෙ, ශ‍්‍රි.ල.නි.ප + එ.ජ.නි.ස, ජ.වි.පෙ, දෙමළ සන්ධානය ආදිය) ලබාගත් ඡන්ද 11,069,417 සියළු වලංගු ඡන්ද ලෙස ගණන්ගැනීමෙන් බව ඇමතිවරයා පවසයි.  නමුත් ඔහු පවසනුයේ  සෙසු පක්ෂ හා ස්වාධින කණ්ඩායම් සියල්ලේ වලංගු ඡන්ද ප‍්‍රමාණය ද සමඟ සියළු වලංගු ඡන්ද ප‍්‍රමාණය 12,214,901ක් තරම් බවය.

ඒ අනුව ඒ ඒ පක්ෂවල ජාතික ඡන්ද ප‍්‍රතිශතය මතු දැක්වෙන අයුරින් වෙනස් විය යුතු බව ඇමතිවරයා පවසයි.

  • පොහොට්ටුවේ සැබෑ ජාතික ප‍්‍රතිශතය : 40.66%
    (මාධ්‍ය ආයතනවලට අනුව : 44.65%)
  • එජාපයේ ජාතික ප්‍රතිශතය : 29.40%
    (මාධ්‍ය ආයතනවලට අනුව : 32.63%)
  • ශ‍්‍රිලනිප + එජනිස ප‍්‍රතිශතය  : 12.38%
    (මාධ්‍ය ආයතනවලට අනුව : 13.38%)
  • ජවිපෙ ප‍්‍රතිශතය : 5.8%
    (මාධ්‍ය ආයතනවලට අනුව : 6.27%)

ඒ අනුව ආණ්ඩු හැදීමට කතා කරනා මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ 40%ක සමස්ථ ඡන්ද ප්‍රතිශතයක්  පමණක් බවත්  එජාප හා ජනාධිපතිතුමාගේ ශ‍්‍රිලනිපය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට 42%ක් ලැබී ඇති බවත් පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ යටතේ එක්වූ පක්ෂවලට 51% ක් ඡන්ද ලැබී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් කියා සිටිනුයේ තවමත් 2015 ජනවාරි 08 ජනවරමෙන් ජනතාව ඈත්වී නැති බව මින් පැහැදිලි වන අතර දැන් අවශ්‍යව ඇත්තේ ප‍්‍රධාන පක්ෂ දෙක එකතු කරන කඩිනම් ජාතික වැඩපිළිවෙලක් හා සෙසු සහායක පක්ෂවලට ගැටුම් ඇති නොවන ක‍්‍රියාමාර්ග ගැනීම බවය.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :