අමෙරිකාවට සයිබර් ප්‍රහාරයක්

Sri Lanka

පසුගිය දින කිහිපය තුල චීනය මුල්කරගත් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් අමෙරිකාවේ ආයතන 30,000 ක් ඉලක්ක කර ගනිමින් සිදුව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.
අමෙරිකානු පරිගණක ආරක්ෂක විශේෂඥයන්ගේ නවතම වාර්තාවක් අනුවයි මේ බව හෙළිකර ඇත්තේ.
මයික්‍රොසොෆ්ට් එක්ස්චේන්ජ් මෘදුකාංගයේ මෑතකදී සොයාගත් අඩුපාඩු හැකර්වරු විසින් ප්‍රයෝජනයට ගෙන, ඊමේල් සොරකම් කිරීම සහ තවත් ක්‍රම මගින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.
මේ අතර ධවල මන්දිර ප්‍රකාශක ජෙනිෆර් සාකි පවසන්නේ මෙම තත්ත්වය පිළිබද දැඩිව සලකා බලන බවයි.
හැෆ්නියම් ලෙස නම් කර ඇති චීන සයිබර් අපරාධ කණ්ඩායම මීට සම්බන්ධ බවටයි චෝදනා එල්ලවන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *