දිගනදී පොලිසියෙන් කදුලු ගෑස් / මහනුවරට පොලිස් ඇදිරි නීතිය – Breaking

මහනුවර දිගන ප්‍රදේශයේදී යලිත් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
එය පාලනය කිරීමට කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික් කලාපයට පොලිස් ඇදිරි නීතිය පැනවීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ හෙට පෙරවරු 6 වන තෙක් මෙය බලාත්මක වන බවයි.
රිය අනතුරකින් පසු හටගත් ගැටුමකින් පුද්ගලයකු මියයාම මුල් කර ගනිමින් ඊයේ දිනයේ සිට ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ක්‍රියාත්මක වුණා.
එහිදී හටගත් ගැටුමකින් වෙළදසලක්ද විනාශවී තිබෙනවා.
ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :