අද කොරෝනා මරණ 4ක් / සමස්ථය 515 යි

ගතවූ දිනය තුල කොරෝනා මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 515ක් .
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අලවතුගොඩ ප්‍රදේශයේ 23 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *