මහනුවර සිද්ධිය ගැන ජනපති නියමයෙන් විශේෂ පරීක්ෂණයක්

මහනුවර, දිගන ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී හා ස්වාධීන පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලීසියට සහ ආරක්‍ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම ප‍්‍රදේශයේ සියලූ දෙනාගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා   පොලීසියට සහ යුද හමුදාවට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන්.

ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා ද සියලූ පාර්ශ්වයන් සමඟ වගකීමෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා ආරක්‍ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති අතර ප‍්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගත යුතු සියලූ පියවර ගන්නා ලෙස ද උපදෙස් දී තිබෙනවා.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :