බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් කොළඹ නාගරික කොමසාරිස්වරයා ධූරයෙන් ඉවත් කර ඇත්තේ ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාගේ පුද්ගලික උවමනාව මත බවට නාගරික මන්ත්‍රීවරුන් චෝදනා එල්ල කරනවා. ඔවුන් මෙම අදහස් පල කළේ ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවමින්.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන් මහතා විසින් ඉකුත් සිකුරාදා දිනයේදි කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා එම ධුරයෙන් කරනු ලැබුවා.
ආණ්ඩුකාරවරයා මෙම ඉවත්වීම සිදුකර තිබුනේ මීතොටමුල්ල කුණු කන්ද නායයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් පරික්ෂණයක් පවත්වන ලෙස තමා වෙත දැනුම්දී ඇති බැවින් අදාළ පරික්ෂණ කටයුතු සිදු කිරිම සදහා වී.කේ.ඒ අනුර මහතා කොළඹ නාගරික කොමසාරිස් ධුරයෙන් ඉවත් කරන බව පවසමින්.
20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :