පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අඛේසිංහ CIDය හමුවට

Sri Lanka

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අඛේසිංහ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිඛෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ඔහු ප්‍රකාශ කර තිබු අතර එම ප්‍රකාශය පිළිබඳ ව පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *