පළාත් සභා මැතිවරණයට ශ්‍රී.ල.නි.පය තනියම ?

එළඹෙන පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙම හමුවේදී දීර්ඝව සාකච්ඡා කළ බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේ.

එමෙන්ම පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට මාර්තු 31 වැනිදා ට පෙර ඉල්ලුම්පත් යොමු කිරීමට හැකියාව පවතින බව පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහිදී පැවසුවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *