හදිසි නීතිය කැඩුවොත් දැඩි දඩුවම් / සමාජ මාධ්‍ය තුලත් ජාතිවාදය බෑ

නීතිය හා සාමය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සුවිශේෂ බලතල රාශියක් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පවරමින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති බැවින් එය නොතකා කටයුතු කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි කොටස මේ වන විට ක්‍රියාත්මක වන බවත්, එහි පස් වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇති බව ද ගුණසේකර මහතා කියා සිටියා.

ජීවිත හානි සිදු කිරීම, තුවාල සිදු කිරීම, ලිංගික හිංසනය, දේපොළවලට හානි කිරීම, කොල්ලකෑම, ජාතීන් අතර පවතින සමගියට බාධා වන ආකාරයේ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම, එවැනි කතා දේශන පැවැත්වීම, එවැනි ලිපි පල කිරීම, එවැනි තත්ත්වයක් ඇති වන ආකාරයට සමාජ මාධ්‍ය භාවිත කිරීම ආදිය මෙම රෙගුලාසි යටතේ ගැණෙන වැරදි බවට ප්‍රකාශයට පත් කර තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. එවැනි වරදකදී ජීවිතාන්තය දක්වා හෝ අවුරුදු 20ක් දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමේ දඩුවම් ලබාදිය හැකියි.

එම වරදවල් සිදුකිරීමට තැත්කිරීම හා කුමන්ත්‍රණය කිරීමද මේ යටතේම වරදක් වන අතර එවැනි වැරදි වලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ට පැවරෙනවා.

‘‘ එලෙස අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පැය 24ක් ඇතුළත ළඟම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ යුතුයි. සැකකරුවන්ගේ වරදේ සංකීර්ණභාවය සැලකිල්ලට ගෙන පොලිස් භාරයේ වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාවක් තිබේනවා නම් එම සැකකරුවන් දින 14ක් නොඉක්මණ කාලයක් රඳවා ගැනීමට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පවරා තිබෙනවා. මේ යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන සැකකරුවන්ට අධිකරණයෙන් ඇප ලබා දිය යුත්තේ සුවිශේෂී හේතු තිබේ නම් පමණයි. සුවිශේෂී හේතු නොතිබුණොත් නඩු විභාගය අවසන් වන තුරු සැකකරු රක්ෂිත බන්ධනාගාරයේ තැබිය යුතුයි. ‘

‘මෙම හදිසි නීති රෙගුලාසි උල්ලංඝණය වීම වැලැක්වීමට නෛතික වගකීමක් පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත්, රාජ්‍ය නිලධාරීන්ටත් වෙනත් ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවල නිලධාරීන්ටත් මේ යටතේ පවරා තිබෙනවා. අද සවස හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ජනාධිපතිවරා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට නියෝග මාලාවක් නිකුත් කළා. වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම බලතල උපයෝගී කරගෙන රටේ ඇතැම් ස්ථානවල උද්ගතවී ඇති සාපරාධී වාතාවරණයන් සමනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම, මෙම හදිසි අවස්ථා රෙගුලාසි සාමකාමී මහජනතාවගේ ජනත ජීවිතයට අවම බාධාවක් වන ආකාරයෙන් හා සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය නොවන පරිද්දෙන් සද්භාවයෙන් ක්‍රියාත්ම කිරීම, මේ යටතේ සාපරාධී ක්‍රියා සිදුකරන තැනැත්තන්ට එරෙහිව ඔවුන්ගේ තත්ත්වය හෝ තරාතිරම, ජාතිය හෝ ආගම, දේශපාලන පක්ෂපාතීත්වය කෙරහි අවධානයක් යොමු නොකර විෂයානුබද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම ආදී වශයෙන් නියෝග මාලාවක් තිබෙනවා. ‘

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :