මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්න ප්‍රදේශයේ කළහකාරීව හැසිරුණු පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තබා තිඛෙනවා.

අද රාත්‍රී පුද්ගලයින් 400 ක පමණ කණ්ඩායමක් මැණික්හින්න ප්‍රදේශයේ කළහකාරී ලෙස හැසිරෙන්නට වූ බවත්, හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ බවත් එම වාර්තා අනාවරණ කළා.පොලිසිය අහසට වෙඩි තැබීමත් සමග එම පිරිස් පලා ගොස් තිඛෙනවා.
සිද්ධියෙන් කිසිවකුත් තුවාල ලබා ඇත්දැයි මෙතෙක් අනාවරණවී නැහැ.

හදිසි නීතිය යටතේ කළබලකාරී තත්ත්වයන් පාලනය කිරීමට ත්‍රිවිධ හමුදාවටම බලය ලබා දී ඇති ඇති අතර සාමකාමිව කටයුතු කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :