ලංකාවේ තත්ත්වය ජගත් සංවිධානය හෙළාදකී

ශ්‍රී ලංකාවේ මේ වන විට මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හෙළා දකින බව එක්සත් ජතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එසේම ගැටුම් ඇතිව තිබෙන ප්‍රදේශ නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන ලෙසත් නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය ඉල්ලීමක් සිදුකළා.

කොළඹ කාර්යාලය නිකුත් කළ නිවේදනය

මේ දිනවල සිදු වෙමින් පවතින වාර්ගික ප්‍ර‍චණ්ඩකාරී සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සිය අවධානය යොමු කර ඇති අතර, මෙම ප්‍ර‍චණ්ඩ ක්‍රියා ඉතා දැඩි ලෙස හෙළා දකියි. වැරදිකරුවන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙසත්, ආපදාවට ලක් වී තිබෙන ප්‍ර‍දේශවල සාමාන්‍ය තත්ත්වය නැවත ඇති කිරීම සඳහා යෝග්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත් එක්සත් ජාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. තවද, නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙස හා මානව හිමිකම් සුරකින ලෙසද, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කරන ලෙසද එක්සත් ජාතීන් බලධාරීන්ගෙන් හා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :