ඉන්දු – අමෙරිකානු යුධ අභ්‍යාසය අවසන්

අමෙරිකාව හා ඉන්දියාවේ හමුදා කණ්ඩායම් දෙකක් විශේෂ ත්‍රස්ත මර්දන හා මානුෂීය ආධාර සම්බන්ධ අභ්‍යාසයක් සාර්ථකව අවසන් කර තිබෙනවා.
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේදී පැවති යුධ අභ්‍යාසය මගින් ඔවුන්ගේ උපායමාර්ගික හවුල්කාරිත්වය වර්ධනය කරන බවයි ඉන්දීය හමුදාව පවසන්නේ.

ත්‍රස්තවාදයට එරෙහි අනාගත මෙහෙයුම් හා මානුෂීය මෙහෙයුම් වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කිරීමට ද දෙරට එකඟතාවයකට එළඹි බවයි නිවේදනය කර ඇත්තේ.

චීනය සමග පැවැති ගැටලුකාරී තත්ත්වය තුල ඉන්දියාවට වඩාත් අමෙරිකාවට නැඹූරුවූ අතර දෙරටේ යුධ ශක්තියද මෙහිදී වර්ධනයවී තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *