ඉන්දියාවේ කොරෝනා එන්නත් මිලියන 16ක පකිස්ථානයට

Sri Lanka

ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 16ක් පකිස්ථානයට නොමිලේ හිමිවීමට නියමිත බව වාර්තා කර තිබෙනවා.
ඒ එන්නත් හා ප්‍රතිශක්තිකරණය සඳහා වූ ගෝලීය සන්ධානය හරහායි.
චීනයෙන් කොරෝනා එන්නත් ලබා ගැනීමේදී එක් මාත්‍රාවකට ඩොලර් 13ක් ගෙවීමට පකිස්ථානයට සිදුව ඇති අතර ඉන්දියාවේ එන්නත් හිමිවීම පකිස්ථානයට සහනයක් වනු ඇති බවද යාහූ පුවත් සේවය වාර්තා කළා.
කෙසේ වෙතත් ඉන්දියාවෙන් සෘජුව එන්නත් ඇණවුම් කිරීමට පකිස්ථානය පියවර ගෙන තිබුනේ නැහැ.
ඒ දෙරට අතර පවතින විරසකය මතයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මැදිහත්වීම අනුව පකිස්ථානයට මෙම මාසය තුලදීම මෙම එන්නත් ලැබීමට නියමිතයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *