හොංකොං ස්වයං පාලනයක් වෙනුවෙන් මැදිහත් වන්නැයි බයිඩන්ට ඉල්ලීමක්

චීනයේ බලපෑම් වළක්වා හොංකොං කලාපයට ස්වයං පාලනයක් ලබා ගැනීමට මැදිහත් වන්නැයි අමෙරිකානු ජනාධිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.
චීන ප්‍රතිපත්තිය අධීක්‍ෂණය කරන අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩල සභිකයන් පිරිසක් මෙම ඉල්ලීම සිදුකළ බවයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කළේ.
මේ වන විට චීන බලපෑම උග්‍රවීම හේතුවෙන් හොංකොං ජනතාව ඵීඩාවට පත්ව ඇතැයි පෙන්වා දෙමින් මෙම ඉල්ලීම සිදුකර තිබුණා.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා මීට දක්වා ඇති ප්‍රතිචාරය මෙතෙක් අනාවරණ වී නැහැ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *