ඉන්දියාව , බංග්ලාදේශය යා කරන මෛත්‍රී සේතු විවෘත කරයි

Sri Lanka

ඉන්දියාව හා බංග්ලාදේශය යා කරමින් ඉදිවූ මෛත්‍රී සේතු පාලම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් විවෘත කර තිබෙනවා.
එය විවෘත කරමින් ඔහු කියා සිටියේ මෙය ඉන්දියාව හා බංග්ලාදේශය අතර සබඳතා වැඩි දියුණු කරන බවයි.
වෙළඳ, සංචාරක යන දෙඅංශයෙහිම වර්ධනයක් මේ සමග සිදුවන බවද ඉන්දීය අගමැතිවරයා පැවසුවා.
කිලෝමීටර 1.9 ක් දිග මෙම පාලම ඉන්දියාවේ ත්‍රිපුර සිට බංග්ලාදේශයේ රාම්ග්‍රා දක්වා ඉදිවී තිබෙනවා.
ඒ අනුව නාවික හා ගුවන් ගමනාගමනයට අමතරව දෙරට අතර ගොඩබිම් මාර්ගයක්ද ඉදිවීම විශේෂත්වයක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *