මහනුවර සිද්ධයේ මහ මොලකරු අල්ලයි / 81 ක් කූඩුවේ

මහනුවර දිස්ත්‍රික්කයේ හටගත් නොසන්සුන් තත්ත්වයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිඛෙනවා. පොලිිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඔහු විදානපතිරණගේ අමිත් ජීවන් ලෙසින් හදුනාගෙන ඇති බවයි. ඔහු සමග තවත් 9 දෙනකු ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ විශේෂ කණ්ඩායමක් විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ අනුව පසුගිය 4 වනදා සිට අද දක්වා කාලයේදී සිද්ධියට අදාළව 81 දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා. අද පස්වරු 6 සිට හෙට අලුයම 6 දක්වා කාලයේදී යළිත් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇදිරි නීතිය පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.කෙසේ වෙතත් මේ වන විට දිස්ත්‍රික්කය තුල සාමකාමී වාතාවරණයක් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණ කළා.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :