යුරෝපයේ නවතම කොරෝනා රැල්ලක් / ආසාදිතයන් වර්ධනය වීම සියයට 50 පනී

යුරෝපයේ රටවල් ගණනාවක යළිත් කොරෝනා රැල්ලක් නිර්මාණය වෙමින් පවතින බව බ්‍රිතාන්‍යයේ සන් පුවත්පත පවසනවා.
නවතම දත්ත උපුටා දක්වමින් එම වාර්තාව පවසන්නේ පසුගිය දෙසතිය තුල යුරෝපා රටවල් ගණනාවක ආසාදිතයන් ගණන සියයට 50 සිට 100 දක්වා වේගයකින් වර්ධනය වෙමින් පවතින බවයි.
කොරෝනා එන්නත්කරණය ආරම්භවීම සමග ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කළද මේ වන විට එය නොතකා ආසාදිතයන් වර්ධනයවීම විශේෂත්වයක්.
ඒ අනුව හංගේරියාවේ ආසාදිතයන් වර්ධනයවීම සියයට 108 කින් , ඉතාලියේ සියයට 50කින් , පෝලන්තයේ සියයට 63කින්, එස්තෝනියාවේ සියයට 58 කින් , ඔස්ට්‍රියාවේ සියයට 53කින් වර්ධනයවී තිබෙනවා.
මේ වන විට ප්‍රමාණවත් එන්නත් සැපයීම අඩපණව ඇති බැවින් අවදානම උග්‍රවෙමින් ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

Europe appears to be facing a lethal third wave

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *