දර කැඩීමට බෝපත්තලාව රක්ෂිතයට ගිය තරුණයා අතුරුදන්

බෝපත්තලාව රජයේ රක්ෂිතයේ දර කැඩීමට රක්ෂිතය තුළට පිවිසි තරුණයෙකු දින තුනක කාලයක සිට අතුරුදන්ව තිඛෙනවා.

බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පොලිසිය සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කළ ද ඔහු පිළිබඳව කිසිදු හොඩුවාවක් මෙතෙක් ලැබී නොමැති බවයි.

බගවන්තලාව  ලින්ස්ටඩ් තේ වතු යායේ ඉහළ කොටසේ පදිංචි තිරුචෙල්වම් ප්‍රභාකරන් නැමති 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස අතුරුදන්ව තිඛෙනවා.

අතුරුදන්ව ඇති තරුණයා මාර්තු 9 වන දින උදෑසන බෝපත්තලාව රක්ෂිතයට දර කැඩීමට ගිය බවත්ල එදින සිට මේ වන තෙක් නිවසට නොපැමිණි බවත් පවසමින් ඔහුගේ දෙමාපියන් පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

තරුණයා දර කැඩීමට රක්ෂිතයට නිතර යන එන අයෙක් බවත්ල ඔහුගේ ජංගම දුරකථනය මේ වන විට ක්‍රියා විරහිත වී ඇති බවත් බගවන්තලාව පොලීසිය පවසයි.

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ සුනඛයෙකුගේ සහයෝගය ඇතුව ඊයේ පස්වරුව වන තෙක් මෙහෙයුම් දියත් කලද අතුරුදහන් වු තරුණයා පිළිබඳ ව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබි නොමැති නොමැති බවත් තරුණයාගේ ජංගම දුරකථනයෙන් ලබාගත් ඇමතුම් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් බලවන්තලාව පොලීසිය සඳහන් කළේය.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *