ආසාදිතයන් අඩුවීමට හේතුව PCR අඩුවීම / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි

බස්නාහිර පළාත තුළ සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩුවීමත් සමග ආසාදිතයින් වාර්තා වීම පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මෙම තත්ත්වය තුල සමාජයේ ආසාදිතයන් අවම බව පැවසිය නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.

“යම් තරමකට රෝගීන් අඩුවීම අපට පෙන්නුම් කළත් සමාජයේ වයස්ගත ජනතාව අතර මේ රෝගය පැතිරිලා තියෙනවා. ඒ නිසා කළ යුතුව තියෙන්නේ එන්නත මත යැපිලා එයින් සියලු දේ විසඳෙනවා යැයි සිතා නොසිට එන්නත ලබාදෙන ගමන් සමාජය පවතින ආකාරය ගැන අවබෝධයක් ගන්න අහඹු සාම්පල ලබාගෙන සැක සහිත ස්ථානවල පීසීආර් පරීක්ෂණ සිදුකරමින් අපි පවතින තත්ත්වය නිසි ආකාරව අවබෝධ කරගත යුතුයි. ඒ බව නිසි ආකාරව අවබෝධ කරගන්නේ නැතුව විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, රජය හා මහජනතාව එන්නත මඟින් සියලු ගැටලු විසඳෙනවා යැයි සිතාගෙන කටයුතු කිරීම නිසා යම් අර්බුදකාරී තත්ත්වයකට කොවිඩ් -19 තල්ලුවෙමින් තියෙනවා. අපි දැක්කා පසුගිය කාලයේ රෝගීන් අඩුවීමත් සමග පීසීආර් ප්‍රමණයත් අඩු කරලා තියෙනවා. රෝගීන් වැඩි ප්‍රමාණයක් හම්බ වුණ බස්නාහිර පීසීආර් පරීක්ෂණ ඉතාමත් ම පහළ ගිහින් තියෙනවා. “

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *