අගමැති අද ෆින්ලන්තයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(9) ෆින්ලන්තයේ නිල සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිඛෙනවා.

ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීමත් වෙළඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇතිකර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම සංචාරය ක්‍රියාත්මකයි.

මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙලේ නායකයන් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ෆින්ලන්ත නිල සංචාරය ආරම්භ කරනුයේ ජර්මනියේ පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් අනතුරුවයි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්,ඇතුලු පිරිසක් මේ සදහා එක්ව සිටිනවා.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.