කටුනායක ආයෝජන කලාපයෙන් කොරෝනා ආසාදිතයන් 26 ක්

කටුනායක ආයෝජන කලාපයේ සේවකයන් 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් හඳුනාගත් බවයි.
මේ දක්වා කාලය තුළ කටුනායක ආයෝජන කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 50ක සේවය කරන 1037 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබුණා.
නව ආසාදිතයන් පිරිස දිවුලපිටිය මූලික රෝහල,වතුපිටිවල දිසා රෝහල සහ ගම්පහ යක්කල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *