දරුවන් පිරිසක් බේරීමට ගිය ඉංජිනේරුවකු කැලිඩෝ වෙරළේදී මුහුදට බිළිවෙයි

කළුතර කැලිඩෝ වෙරළේ දී රළ පහරට ගසාගෙන යමින් සිටි කුඩා ළමුන් පිරිසක් බේරාගැනීමට උත්සාහ කළ සිවිල් ඉංජිනේරුවෙකු මුහුදු රළ පහරට හසුව මරණයට පත්ව තිබෙනවා.
කළුතර උතුර පොලිසිය පැවසුවේ මියගොස් ඇති පුද්ගලයා 31 වන වියේ පසුවන බවයි.
කුඩා ළමුන් පිරිසක් රළ පහරට හසුව ගසාගෙන ගිය අවස්ථාවේ ඔවුන් බේරා ගැනීම සඳහා මෙම සිවිල් ඉංජිනේරුවා ඉදිරිපත්ව ඇති අතර එහිදී අනපේක්ෂිත ලෙස ඔහු රළ පහරකට හසුව තිබුණා.
ඔහු බේරාගෙන රෝහල්ගත කිරීමෙන් පසුවයි මරණයට පත්ව තිබුණේ.
මතුගම කලුපහන ප්‍රදේශයේ පදිංචිව සිටි දමිනිගේ දමිත් ශ්‍රීමාල් උදය කුමාර මෙසේ මරණයට පත්ව තිබුණා.
ඔහු තවත් පිරිසක් සමග කැලිඩෝ වෙරළට පැමිණ සිටියදී මෙම ඉරණමට ගොදුරුව තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *