සමාජ මාධ්‍ය තුල වෛරය පැතිරූ පාසල් සිසුන් දෙදනකු අත්අඩංගුවට

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් චෝදනා මත පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
ඉන් එක් සිසුවකු 17 වන වියේ පසුවන අතර ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනෙක් සිසුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේදීයි. ඔහු 18 වන වියේ පසුවනවා.
මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත ප්‍රකාශ පතුරුවන්නන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.
අත්අඩංගුවට ගත් එක් සිසුවෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කළ අතර ඔහු ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කෙරුණා.
සැකකරු එතෙක් ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තැබීමට නියමිතයි.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :