ගිනි අවියක් පෙන්වා තර්ජනය කර පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ අද අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.
සැකකරු හා සැකකාරිය ඊයේ දිනයේදී තලංගම පොලිසිය මගිනුයි අත්අඩංගුවට ගත්තේ.

බස් රථ රියදුරාට මන්ත්‍රීවරයා පහරදෙන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ බිරිඳ ද පිස්තෝලයක් අතට ගෙන පහර දෙන අයුරු බස් රථයේ සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකතනයෙන් රූගත කර තිබුණා.

කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වන 177 බස් රථයේ රියදුරෙකුට බස් රථය නවත්වා තලංගම කොස්වත්ත මංසන්ධියේදී දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ මෙසේ පහරදී තිබුණා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :