මහනුවර සිද්ධියේ ඇත්ත හොයන්න ජනපති විමර්ෂණ කමිටුවක්

මහනුවර දිස්ත්‍රික්කයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද සෙවීම සදහා ජනාධිපතිවරයා විසින් විශේෂ විමර්ෂණ කමිටුවක් පත් කර තිඛෙනවා.ඒ අධිකරණ විනිශ්චයකාරවරුන් 3න් දෙනකුගෙන් යුක්තවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම මෙහි අරමුණ වනවා.

මෙම කලහකාරී සිදුවීමට මුල් වූ කරුණු අතර නීතිය හා විධානය කඩවී ඇත් ද යන්න, පුද්ගලයින්ට සිදුවූ ජීවිත හා දේපළ හානි පූරණය කිරීම, මෙම සිදුවීම් පිටුපස කුමන්ත‍්‍රණකාරී හස්තයන් ක‍්‍රියාත්මක වූයේ ද යන්න, අනාගතයේ දී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර සහ මෙම තත්ත්වය මැඩපැවැත්වීමට අදාළ බලධාරීන් ක‍්‍රියාත්මක වූ ආකාරය හා ඔවුන්ගේ වගවීම ආදී කරුණු පිළිබඳවත් මෙම කමිටුව මගින් විමර්ශන සිදුකරනු ඇති.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :