ගිනි අවියක් පෙන්වා තර්ජනය කර පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
බස් රථ රියදුරාට මන්ත්රීවරයා පහරදෙන අවස්ථාවේදී මන්ත්රීවරයාගේ බිරිඳ ද පිස්තෝලයක් අතට ගෙන පහර දෙන අයුරු බස් රථයේ සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකතනයෙන් රූගත කර තිබුණා.
කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වන 177 බස් රථයේ රියදුරෙකුට බස් රථය නවත්වා තලංගම කොස්වත්ත මංසන්ධියේදී දකුණු පළාත් සභා මන්ත්රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ මෙසේ පහරදී තිබූ අතර තලංගම පොලිසියයි සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270