ඇස්ට්‍රසෙනිකා එන්නතෙන් ලේ කැටි ගැහෙනවාද ? ලෝක සෞඛ්‍යය සංවිධානයෙන් පිළිතුරු

රුධිරය කැටිගැසීමේ අවදානමක් ඇති බව පවසමින් රටවල් කිහිපයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත භාවිත කිරීම නවතා දැමුවද එය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාධක මෙතෙක් ලැබී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
බල්ගේරියාව,ඩෙන්මාර්කය සහ නෝර්වේ යන රටවල් මෙම එන්නත අත්හිටුවීමෙන් පසුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
යුරෝපයේ පුද්ගලයන් ලක්ෂ 50ක් පමණ එම එන්නත ලබාගෙන ඇති අතර ඉන් ඉතා සීමිත පිරිසක් ලේ කැටි ගැසීමේ තත්ත්වයට ලක්ව ඇති බවයි අදාළ දත්ත මගින් පෙන්වා දෙන්නේ.
ඉතාලියේදී පමණක් එමගින් එක් මරණයක් වාර්තා වී තිබුණා.
මිලියන 10 කට වඩා වැඩි වාර්තා ගණනක් අධ්‍යයනයට අනුව එවන් අවදානමක් පිළිබද නිශ්චිත කරුණු නොමැති බවද මෙමගින් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් තමන්ගේ රටවල දත්ත මත පාදකවයි බල්ගේරියාව,ඩෙන්මාර්කය සහ නෝර්වේ මෙම එන්නත සීමා කර ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *