එක්දින තරගාවලියේ ජයත් කොදෙව්වන්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි එක්දින තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරඟය කඩුලු 05කින් ජය ගනිමින්.

දෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 08ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 273ක්.

ධනුෂ්ක  ගුණතිලක ලකුණු 96කට දැවී ගිය අතර  දිනේෂ් චන්දිමාල්  ලකුණු 71ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 49යි පන්දු 04කදී කඩුලු 05ක් බිඳ වැටී ලකුණු 274ක් ලබා ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එවින් ලුවිස් ලකුණු 103ක් සහ නිකලස් පූරන් නොදැවී ලකුණු 35ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

.පන්දු 121කට මුහුණ දෙමින් ලකුණු 103ක් රැස් කළ එවින් ලුවිස් තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබුවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *