ඉන්දියාවට යළිත් කොරෝනා පහර දෙයි / මාස 3කට පසු වැඩිම ආසාදිතයන් ඊයේ දිනයේ

Sri Lanka

ඉන්දියාවටත් යලි ප්‍රබල මට්ටමින් කොරෝනා අවදානම එල්ලවී ඇති බව ND TV පුවත් සේවය පවසනවා.
ඒ අනුව අනපේක්ෂිත මට්ටමේ වේගයකින් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් වර්ධනය වෙමින් පවතින බවයි එම වාර්තාව පවසන්නේ.
ඊයේ දිනයේ ආසාදිතයන් විසි පන්දහසක් ඉන්දියාවෙන් වාර්තා වුණා.
එය මෙම වසරේ මේ දක්වා දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණනයි.
පසුගිය මාස කිහිපය තුලම ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ගණන 10,000 ක සීමාවේ පැවතුනා.
මේ වන විට ලෝකය පුරාම යළිත් කොරෝනා ආසාදිතයන් වර්ධනයවීමේ ප්‍රවනතාවයක්ද මතුවෙමින් පවතිනවා.
ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තය තුලයි මෙහි උග්‍ර අවදානම් මට්ටම පවතින්නේ.
මේ සමග යළිත් දැඩි සීමා පැනවීම කෙරෙහි ඉන්දීය බලධාරීන් අවධානය යොමුකර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *