පොදු ස්ථානවල බුර්කා තහනම් කරන ගැසට් පත්‍රිකාව මේ සතියේ කැබිනට් මණ්ඩලයට

පොදු ස්ථානවල සම්පූර්ණ මුහුණු ආවරණ (බුර්කා) තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තැබූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.
බුර්කාව පසුගිය සමයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවලදී පවා යොදාගත් බව අනාවරණය වී තිබුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග ආරක්ෂක කරුණු සැළකිල්ලට ගනිමින් මෙරටදීත් බුර්කාව තහනම් කිරීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන ජනපති කොමිසම ද නිර්දේශ කර තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *