ඉන්දීය අගමැති මෝදිගෙන් ශ්‍රී ලංකා ජනපතිට ඇමතුමක්

Sri Lanka

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේ, කොරෝනා වසංගතයට මුහුණදීම සම්බන්ධයෙන් එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ බවයි.

දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද නායකයින් දෙපළ එහිදී සාකච්ඡා කර තිබෙනවා.

දෙරට අතර සබදතා තවදුරටත් වර්ධනය කර ගැනිමට නායකයන් දෙපල මෙහිදී එකඟතාවය පළ කර ඇති බවයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කළේ.

අසල්වැසියාට මුල්තැන ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවේ වැදගත්කම මෝදි මහතා එහිදී නැවත අවධාරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *