අද එක් කොරෝනා මරණයක් / සමස්ථය 526 යි

මෙරටින් තවත් එක් කොරෝනා ආසාදිත මරණයක් අද වාර්තා වුණා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 526ක්.
මෙසේ මියගොස් ඇත්තේ කනත්තේවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක් වනවා.
ඇය කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර එවා තිබූ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (12) මියගොස් තිබුණා.මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ උග්‍ර බ්‍රොන්කෝ නියුමෝනියාව සහ ලේ විෂවීමයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *