ඉදිරි ජනාධිපතිවරණය මුල් කර ගනිමින් යළිත් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වෙනුවෙන් මේ වන විට සාකච්ජා සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව අපවත්වී වදාළ අති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය ඇතුලු සිවිල් සංවිධාන ගණනාවක් මේ සදහා පෙරමුණ ගෙන සිටින බවයි අනාවරණ වන්නේ.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂයා වශයෙන් බොහෝ විට කරලියට ඒමට නියමිත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මෙම පොදු අපේක්ෂකයා ගෙන ඒමේ වෑයම ක්‍රියාත්මකයි.
මෙම පාර්ශව අවධානය යොමුකර ඇත්තේ 2015 ජනවාරි වන විට රට තුල පැවැති අහිතකර වාතාවරණය පරාජය කිරීමට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කර මැතිවරණය ජය ලැබුවද ජනතාව අපේක්ෂා කළ බොහෝ සාධනීය වෙනස්කම් ඒ හරහා ඉටු නොවුනු බවයි.
ඒ අනුව ජනතා අපේක්ෂා ඉටු කළ හැකි පුද්ගලයතු පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගැනීම හා යළිත් 2015 ජනවාරි මාසයට පෙර පැවැති පාලනයක් ඇතිවීමට ඉඩ නොතිබීමද ඔවුන්ගේ අරමුණක් බව දැක්වෙනවා.
ඒ අනුව 2019 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස දැනට රටේ මුල් පුටු හොබවන තැනැත්තන් හැර ප්‍රබල දේශපාලන චරිතයක් ගෙන ඒමේ වෑයමක් නිර්මාණයවී ඇති බවයි වාර්තාවන්නේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :