අධිකරණය මගහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද වරෙන්තුවක් නිකුත් කළා.

මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන මහේන්ද්‍රන් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට කරන ලද නොතීසි ප්‍රකාරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටිම පිළිබඳ සළකා බලමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

සිද්ධියේ අනෙක් සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා මාර්තු 29 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මෙහිදී නියෝග කෙරුණා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :